Lesson 16 - Le Passé Composé - අතීතය ගැන කතා කරමු !
ප්‍රංශ භාශාවෙන් වාක්‍යක් අතීත කාලයෙන් කියන්නෙ මෙහෙමයි.
අද පාඩමෙන් අපි ඉගෙනගන්නවා කොහොමද Passé Composé භාවිතා කරලා අතීත කාලය ගැන කතා කරන්නෙ කියලා. Passé Composé භාවිතා කරන්නෙ අතීතයේදී නිශ්චිත මොහොතක/අවස්තාවක සිදුවී දැනටමත් අවසන්වී ඇති ක්‍රියාවක් ගැන කතා කරනකොටයි. සමහරවිට ඔයා දැනටමත් වර්තමාන කාලයෙන් අදහසක් කියන්න, වාක්‍යයක් ගොඩනගන්න දන්නවා ඇති. Passé Composé වලින් වාක්‍යක් කියන්න ඔයාට මෙන්න මේ පහලින් තියෙන දැනුම අවශ්‍ය වෙනවා. මම හිතනවා ඔයා මේවා දන්නවා ඇති කියලා. දන්නෙ නැතිනම් අදාල වීඩියෝ අපේ YouTube Channel එකෙන් බලන්න.
ක්‍රියා පදය හඳුනාගැනීම ගැනීම.
Passé composé සෑදීමට ගන්නා එම ක්‍රියා පදයට අදාල auxiliaire (Être ou Avoir au présent) එක දැනගැනීම.
ක්‍රියා පදයේ participe passé දැන ගැනීම/ ගොඩ නැගීම.
Auxiliaire එක Être නම්, වාක්‍යයේ කර්තෲගේ ස්ත්‍රී/පුරුශ ලිංග හා ඒක වචන/බහු වචන භාවය අනුව participe passé එක ගැලපීම. (මේක වෙනස් වෙන, ගැලපිය යුතු නැති අවස්තාත් තියෙනවා, අපි ඒවා ඉදිරියේදී ඉගෙන ගන්නවා.)
ඉතත 1-4 පියවර නැවත නැවත භාවිතා කරමින්, වාක්‍ය ගොඩනැගීම ස්ව්‍යංක්‍රීය හා ක්ෂණික ක්‍රියාවලියක් බවට පත්කරගැනීම.
මෙන්න එහෙනම් පාඩමට අදාල වීඩියෝ එක. වඩාත් හොඳින් අවබෝධකර ගැනීමට කීප විටක් නරඹන්න. ඒවගේම ගැටලු තියනවානම් කමෙන්ට් එකක් දාන්න.
මේ වීඩියෝ එකට ඔයා කැමතිනම් Like එකක් Comment එකක් දාන්න. පුලුවන්නම් ඔයාට, මේක ඔයාගෙ Facebook එකේ, Instagram එකේ share කරන්න අමතකරන්න එපා. ඒක අපිට කරන උද්ව්වක් වගේම තව ප්‍රංශ භාෂාව ඉගෙනගන්න අය අතරට ප්‍රංශ භාෂාව යන්න උදව්වකුත් වෙනවා.
පාඩමට අදාල PDF එක ඔයාට මෙතනින් නොමිලේම ලබා ගන්න පුළුවන්.
Homework
පහත වාක්‍ය passé composé වලට හරවන්න. Comment එකක් ලියලා උත්තර දෙන්න.
1. Je mange une glace.
2. Je bois du thé.
3. J’y crois.
4. J’habite au Sri Lanka.
5. Ils se réveillent.
6. Elle se souvient de son enfance.




